වැල් පෙනෙල
වැල් පෙනෙල
ගම්මැද්දේ ඔසු උයන තුළින් පළමුව සාකච්ඡා කරනු ලබන්නේ වැල් පෙනෙල පැලෑටිය පිළිබදව වේ.
ගම්මානය තුළ පවතින බෙහෙත් පැලෑටි අතර ප්‍රධාන පැලෑටියක් ලෙස වැල් පෙනෙල පෙන්වා දිය හැකි වේ.වර්තමානයේ මිනිසුන්ට වැළදෙන රෝග බෝහෝමයක් උදෙසා මෙය ප්‍රයෝජනවත් වේ.
වැල් පෙනෙලවල අඩංගු රසායනික සංයෝග
- Saponin
- Quebrachitol and an alkaloid
- a glucoside, resins
මෙහි ඇටවල වාෂ්පශීලි තෛල ඇත. හර්නියා, අන්ඩවාත ඇතුළු වාතාබාධ ප්‍රතිකාරය සඳහා පෙනෙල පංචාංගයම (කොළ, පොතු, මල් ආදී පැළෑටියම) උපයෝගි කර ගනියි. ඊට අමතරව කසාය, මැල්ලුම් සහ කැඳ පිණිසත් යොදා ගනී.
වැල් පෙනෙල යනු ඉතා රසවත් අාහාරයක්ද වේ.ශුක්‍ර ධාතු වර්ධනය සදහා කදිම අාහාරයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.තවද වැල් පෙනෙල කොළ කැද සෑදීම සදහා ද යොදාගනී.
ඖෂධීය වටිනාකම
* වැල් පෙනෙල ශාකයේ යුෂ ස්තී‍්‍රන්ගේ ආර්තව සම්බන්ධ රෝගවලට යොදා ගනී. මුත්‍රා රෝගවලට ගුණදායකයි. මුත්‍රා හොඳින් පිට කිරීම පහසු කරයි.
* වැල් පෙනෙල මුල් හා පත්‍ර මුත්‍රා ආසාදන තත්ත්වයන්හිදී ගුණදායකයි. කුසගින්න ඇති කරයි. මෙය සමෙහි ගැල් වූ විට රත් පැහැ වේ. වමනය ඇති කරයි. වාත නාශක ගුණය ඇත.
* වැල් පෙනෙල කොළ හා මුල් අතීසාරයට යොදා ගනී. එසේම රක්තාතීසාර රෝගයට ද ගුණයි.
* පෙනෙල් මුල් යොදා සැකසූ ඖෂධ වාත රෝග, ආමවාත, අර්ශස්, පණු රෝග වලට යොදා ගනු ලබයි.
වැල් පෙනෙල නිතිපතා අාහාරයට ගැනීමෙන් අාතරයිටීස් නම් රෝගය වළක්වා ගත හැකිය.කාන්තා පිරිමි දෙපාර්ශවයේම සම පැහැපත් කිරිම ද වැල් පෙනෙල මගින් සිදු කරනු ලබයි. අව්වට පිච්චෙන සම ඉක්මනින් යථා තත්ත්වයට ගැනීමට හැකිවෙනවා සේම මුණේ කුරැළෑ අැති වීම,අලුහම් අැති වීම, ගෙඩි දැමීම යනාදිය පාලනය කිරිමේ හැකියාව වැල් පෙනෙල සතු වේ.
ඒමෙන්ම මෙය කාන්තාවන් ප්‍රිය කරන බෙහෙත් පැළෑටියක් වන්නේ කාන්තාවන්ගේ හිස කෙස් හොදින් වැවීමට මෙය උපකාරී වන නිසාය.තවද අකලට හිස කෙස් වැටීම, හිස් හොරි අැති වීම වැනි දෑ අවම කිරිම ද මෙමගින් සිදු කරනු ලබයි. හිස් හොරි වලින් පීඩා විදින අය සදහා අත් බෙහෙත් ද තිබේ.වැල් පෙනෙල කොළ ඒක් රැයක් පොගවා ඒවා කොටා ඒම යුෂ හිස් කබලේ ගල්වන්න.මෙය සතියකට දෙවතාවක් කිරිම තුළින් ප්‍රතිඵල ලබාගත හැකිවේ.
වර්තමානයේ දී සිදු කරනු ලබන බටහිර පර්යේෂණවලින් තහවුරැ වන විශේෂ කරැණක් වන්නේ වැල් පෙනෙල වල ඒඩ්ස් රෝගය සහ ගෝනොරියාව මර්ධනය කිරිම සදහා අවශ්‍ය කරන ගුණාංගවලින් යුක්තවන බවයි.
මෙවන් ගුණ බොහොමයක් අැති වැල් පෙනෙල වත්මන විට දී දුර්ලභ ගණයේ පැලෑටියක් බවට පත් වී තිබේ.නාගරික පරිසරය තුළ සොයාගත නොහැකිවන මෙම පැලෑටිය ගම්මානය තුළ දී ද දැකගත හැකි වන්නේ කලාතුරකිනි. සමස්ත සමාජයට විශාල මෙහෙවරක් සිදු කරනු ලබන බෙහෙත් පැලෑටියක් ලෙස වැල් පෙනෙල හදුනාගත හැකි වේ.
👍👍👍👍👍👍👍
ReplyDeletegodak watina පර්යේෂණයක් ගොඩක් දෙනෙක්ට අද වන විට පැරණි දේශීය ආහාර සහ බෙහෙත් වර්ග පිළිබඳ අමතකව යන කාලයක මෙවැනි පර්යේෂණයක් සිදු කිරීම ඉතාමත්ම වටිනවා
ReplyDeleteNiyamai
ReplyDeleteNiymi
ReplyDeleteVery good information
ReplyDelete