ගම්මැද්දේ ඔසු උයන


     අක්කපාන




පොදු සිංහල නාමය – අක්කපාන, වල්ගෝවා
දෙමළ නාමය – මලකුල්ලි, මල්ලක් කල්ලි
හිංදි නාමය – පථරචුර, පබානහෙද, පථර්චට, හිමසාගර
බෙංගාලි නාමය – පාථරකුංඩි
තෙලිගු නාමය – සිමාජාමුල
සංස්කෘත නාමය – අශ්මහිද

මූත්‍රා ගල් ඇති වීම අද වන විට අපේ රටේ සුලභ රෝගී තත්ත්වයක් වෙලා . ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ ජාතික රෝහල් වල  ශල්‍ය වාට්ටු වලට කෙරෙන හදිසි ඇතුලත්වීම් වලින් 30% පමණ ප්‍රමාණයකට වගකිව යුතු වන්නේ මෙම මුත්‍රා ගල් ඇති වීමේ රෝගී තත්වය බව.ඒ් සදහා කදිම ඔසුවකි අක්කපාන. 

අක්කපාන කියන්නේ ලංකාවේ පහතරට හා පහත රට කදුකර ප්‍රදේශවල ගල් සහිත ස්ථානයන් හි බහුලව වැවෙන ශාකයක් සාමන්‍යයෙන් සෑම නිර්වර්ථන ප්‍රදේශයකම මේම පැලෑටිය තියෙනවා. තෙතමනය හොදින් තියෙන තැන්වල තමයි ගොඩාක්ම පහසුවෙන් වැවෙන්නේ. මේම ශාකය ලංකාවට ගෙන එන ලද්දේ අප්‍රිකාව කිර්වර්ථන ප්‍රදේශවලින් කියලා තමයි ශාක පිලිබද පරික්ෂණ කරන අය අනුමාන කරන්නේ. මේය බහුවාර්ෂික පැලෑටියක් ශාකයේ පත්‍ර සරල වන අතර මල් ද්විලිංගිකයි. වැඩුණු ශාකයක් සාමාන්‍යයෙන් අඩි එකා හමාරක් දෙකක් පමණ උස යයි.

මදක් තිත්ත හා ඇඹුල් රසයෙන් යුක්ත අක්කපාන පත්‍ර මුත්‍රා රෝග වලට ප්‍රතිකාර කිරිමට දිව ඔසුවක් වශයෙන් හදුන්වන්න පුළුවන්. අශ්මරි හෙවත් මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇති වන ගල් නැවත ඇති නොවන සේ දිය කර හැරිමට සමත් විශිෂ්ට හැකියාවක් අක්කපාන කොළවලට තියෙනවා.

අක්කපාන ශාකය තම්බා බිම හෝ එම කොල හීනියට ලියා සලාදයක් ලෙස සකසා අනුභව කිරිමත්, කොල වල යුෂ පානය කිරිමත් තුලින් ඒ ඖෂධිය ගුණය ඔබේ ශරිරයට ඇතුල් කර ගන්න පුළුවන්. අක්කපාන කොල අඹරා යටි බඩේහි ආලේප කිරිමෙන් මුත්‍රා අඩස්සිය සුව කර ගන්න පුළුවන්.


  • අක්කපාන කොල සම්බල හදා ගන්නා ආකාරය -
අක්කපාන කොල හීනියට කපා ගන්න.ඉන්පසු එයට පොල්, කපා ගත් රතු ළුණු, අමු මිරිස් හා උම්ඹලකඩ අවශ්‍ය පමන දමා ගන්න.පදමට ලුනු දාලා හොදට අනා ගන්න.මාසයක් පමණ කන විට මුත්‍රා ගල් දියවි යයි.තවද අක්කපාන කොල කොටා මිරිකා ගත් ඉස්මට මී පැණි දමා හිස්බඩ බී මෙන් මුත්‍රා ගල් දිය කර ගන්න පුළුවන්. එමගින් දැවිල්ලද සමනය වේ.වකුගඩු අමාරුව තියෙන අයට මේ අක්කපාන හොද නෑ කියලා මතයක් තියෙනවා ඒ නිසා ඒ ගැනත් ඔබේ අවධානය යොමු කරන්න.



උපුටගනීම් හා සැකසීම අන්තර්ජාලය මගින් ..,..






Comments

  1. godak watina පර්යේෂණයක් ගොඩක් දෙනෙක්ට අද වන විට පැරණි දේශීය ආහාර සහ බෙහෙත් වර්ග පිළිබඳ අමතකව යන කාලයක මෙවැනි පර්යේෂණයක් සිදු කිරීම ඉතාමත්ම වටිනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වැල් පෙනෙල

ගම්මැද්දේ ඔසු උයන

කටුවැල් බටු