කටුවැල් බටු



ගම්මැද්දේ ඔසු උයන තුළින් මෙවර සාකච්ඡා කරනු ලබන්නේ කටුවැල් බටු ඔසුව පිළිබදව වේ. ගම්මානය තුළ ද කලාතුරකින් දැකගත හැකිවන ඔසුවක් ලෙස මෙය පෙන්වා දිය හැකි වේ.උද්භිද විද්‍යාත්මකව සෝලගම් සැන්තොකාපම් (Solanum xanthocarpum)  නමින් හැදින්වෙන මෙම පැලෑටිය සොලනේසියේ කුලයේ සෝලනම් ගණයට අයත් වේ. 

මෙම ඔසුව පිළිබද විමසනවා නම් ඉන්දියාවේ කාන්තාර ආශි‍්‍රතව පරිසරවල ස්වභාවිකව පැතිරී ඇති අතර ශාක ඖෂධයක් ලෙස මෙය වගා කරයි. කැස්ස සෙම්ප‍්‍රතිශ්‍යාව සඳහා බහුල ලෙස මුලු ශාකයම භාවිතා කරයි.ඇලෙන සුළු තියුණු කටු සහිත බිම දිගේ ඇදි ඇදී වැඩෙන කුඩා පඳුරකි. බටු ගසට සමානය. අතු පොළොවට සමාන්තරව වැඩේ.

ලංකාවඉන්දියාව හා බුරුමය කටුවැල් බටු ශාකයේ නිජබිම ලෙස සලකනු ලබන අතර මේවා වැවීමට වියළි දේශගුණය බෙහෙවින්ම බලපායි. අතීතයේ දී ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි ප‍්‍රදේශවල හේන් වගාවක් ලෙස තිබී ඇත. සමහර ප‍්‍රදේශවල ස්වභාවිකව දක්නට ලැබේ. ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි කලාපයේ නිසරු මුඩු බිම්වල සරුවට වැඩේ.බීජ මගින් පහසුවෙන් බෝ කර ගැනීමේ හැකියාව ඇත.ලංකාවඉන්දියාව හා බුරුමය කටුවැල් බටු ශාකයේ නිජබිම ලෙස සලකනු ලබන අතර මේවා වැවීමට වියළි දේශගුණය බෙහෙවින්ම බලපායි. අතීතයේ දී ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි ප‍්‍රදේශවල හේන් වගාවක් ලෙස තිබී ඇත. සමහර ප‍්‍රදේශවල ස්වභාවිකව දක්නට ලැබේ. ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි කලාපයේ නිසරු මුඩු බිම්වල සරුවට වැඩේ.බීජ මගින් පහසුවෙන් බෝ කර ගැනීමේ හැකියාව ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලදී මෙම බෝගය ඉතා විශාල වශයෙන් කසාය සාරය නිපදවිමට උපයෝගී කර ගනී . මෙම ශාඛයෙන් ලබා ගන්නා කසාය සාරය සෙම ඉවත් කර ගන්නා ඉතා හොද ඖෂධයක් මෙන්ම විශේෂයෙන් ඇදුම කැස්ස උණ රෝග සදහා ඉතා හොද ඖෂධයක් වේ. මෙයට අමතරව පපුවේ වේදනාව පාද කසමින් ඝ්‍රාවයන් ගැලීම ආහාර අරුච්ය මග හරවා ගැනිමට  ප්‍රධාන සංඝටකයක් ලෙස යොදා ගනී. ඉන්දියාව වැනි රටවල කටුවැල් බටු ශාඛයෙන් ලබා ගන්නා යුෂය ගොනොරියා වැනි සමාජ රෝගවලට හා මෞත්‍ර ලිංගික රෝග වලට ඖෂධයක් ලෙස භාවිතා කරයි.








tharunaya.co.uk/
www.danuma.lk

ප්‍රතිකාර
* කටුවැල් බටු කලන් දොළහක් කපා කොටා වතුර පත අට එකට සිඳුවා එම ක්ෂායට තිප්පිලි කුඩු(කලං භාගයක්) උදේ සවස බීමෙන් කැස්ස දුරුවී යයි.
* උඳුගොව්වා කෑම - කටුවැල් බටු දලු, පත්‍ර අඹරා ගෑමෙන් සුවවේ.
* දත් කැක්කුමට - ගෙඩියේ ඇති බීජ පුලුස්සා දුම ඇල්ලීමෙන් දත් අමාරු හා අර්ශස් අමාරු නැසිය හැකියි.
* කුඩා ළමුන්ගේ කැස්සට - වියලි ගෙඩි කුඩු කර මීපැණි සමඟ ලේහ කිරීමෙන් සුවවේ.
* මුත්‍ර රෝගවලට - කටුවැල් බටු මුළු ශාකයම කොටා වංඩුවේ තම්බාගත් යුෂ පානය කිරීමෙන් මුත්‍ර රෝග සුවවේ.







Comments

  1. godak watina පර්යේෂණයක් ගොඩක් දෙනෙක්ට අද වන විට පැරණි දේශීය ආහාර සහ බෙහෙත් වර්ග පිළිබඳ අමතකව යන කාලයක මෙවැනි පර්යේෂණයක් සිදු කිරීම ඉතාමත්ම වටිනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වැල් පෙනෙල

ගම්මැද්දේ ඔසු උයන