ගම්මැද්දේ ඔසු උයන

ස්ථුල බවට තිත.....



ස්ථුල භාවයට හේතු

  • යම් පුද්ගලයෙක්ගේ ස්ථූල බව පරම්පරාගතව ඒන ස්ථූල බවක් වෙන්න පුලුවන්.
  •  ඒමෙන්ම වෙනත් කායික රෝග නිසාත් ස්ථූල බව අැති වෙන්න පුලුවන්. 
  • සමහර රෝග සඳහා නිර්දේශිත යම් යම් ඔෟෂධ වර්ග නිසාත් යමෙකුගේ ශරීර බර වැඩිවෙන්න පුළුවන්. 

නමුත් ප්‍රධානතම හේතුව,



අධික කැලරි ප්‍රමාණයක් දෛනිකව ශරීරයට ලැබෙන තෙල් බහුල විවිධ ආහාර වර්ගත් පරිභෝජනය කිරීම 

ව්‍යායාමවලින් තොරව අක්‍රියශීලී දිවි පෙවෙතක් ගත කිරීම.









ස්ථූල බව ලෙඩ ගොඩකට හේතුවක්....

අධික තරබාරු බව බොහෝ රෝග ගණනාවකටම හේතුකාරකයකි.


  • දියවැඩියාව, හෘද රෝග, සන්ධි රෝග ආඝාතය අධි රුධිර පීඩනය වැනි බරපතළ රෝග ගණනාවක් ඇතිවීමේ අනාගත අවදානමක් ස්ථුල පුද්ගලයන්ට ඇතිවේ.

  • එපමණක් නොවේ ස්ථුල බව අකල් මරණයටද හේතුවෙන්න පුළුවන්.

  • දෛනික කටයුතුවලට ස්ථුල බව බාධාවක් වෙනවා පමණක් නොව කාන්තාවන්ගේ මඳ සරු බවට කෙරෙහිද, ඔසප් දෝෂ කෙරෙහිද එය හේතුවක් වෙන්න ඉඩ තිබෙනවා.

  • ආයුර්වේදයට අනුව ස්ථුල බව යමෙකුගේ ලිංගික ශක්‍යතාව කෙරෙහිද බලපාන බව දැක්වේ.



  •  ඒ වගේම ශරීර අවයව, විශේෂයෙන්ම උදරය, තට්ටම් හා පියයුරු එල්ලා වැටෙන ස්වභාවයක් ගන්නා බවද සඳහන් වේ.



මෙවන් රෝග ගණනාවකට ස්ථූල බව බලපානු ලැබේ.







ස්ථූල බව අඩු කර ලස්සන කෙට්ටු ශරීරයක් ලබා ගැනීමට මෙන්න ක්‍රමය....



අනිවාර්යෙන්ම කළ යුතු දේ

  •  පැණි රස, ඇඹුල් රස හා ලුණු රස බහුල ආහාර පාන හැකිතාක් සීමා කරගන්න.
  • සිසිල් ජලය, සීත කළ බීම වර්ග, කිරි, යෝගට්, අයිස් ක්‍රීම්, කේක් වැනි ආහාර පානවලින් අෑත් වන්න.
  • අලුත අස්වැන්න නෙළුෑ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.
  • දවල් නිදා ගැනීම - විශේෂයෙන්ම කාන්තාවන් කෙරෙහි බලපාන මෙය ඉතා වැදගත් කාරණයක්. දිවා ආහාරයෙන් පසු, නිවෙස්වල සිටින කාන්තාවන් පැයක්, දෙකක් නිදාගැනීම සිරිතක් කරගත් අය ඉන්නවා. ඒත් ඔබේ මහත අඩු කරගැනීමට අවශ්‍ය නම් එසේ කිරීමෙන් වළකින්න.


ඉක්මනින් බර අඩුකර ගැනීමට තවත්උපදෙස්


  • උදෑසන කිරි තේ කෝපය වෙනුවට හිස් බඩ හොඳින් උණුසුම් වතුර වීදුරුවක් දිනපතා පානය කරන්න.

  • පැරැණි මී පැණි (වසරකට වඩා පැරණි) තේ හැදි 02ක් පමණ උදේ හිස්බඩ මඳ රස්නය ඇති (උණුවතුර නොවේ) වතුර වීදුරුවකට මිශ්‍රකර එයටම දෙහි ඇඹුල් ස්වල්පයක් දමා බොන්න.


  •  ගොරක සහ සුදුලූනු සමව ගෙන තම්බා එයින් වතුර අඬු කෝප්ප භාගයක් පමණ ආහාර වේලකට පැය භාගයකට පමණ පෙර බොන්න.

  • දිය නෑමට පෙර අබතෙල් ඇඟේ ආලේප කර හොඳින් සම්බාහනය කර ඉන්පසු උණුසුම් ජලයෙන් ස්නානය කරන්න. මෙසේ සතියකට දෙතුන් වරක් කරන්න.

  • පැරැණි ධාන්‍ය (වසරකට වඩා පැරැණි) වලින් පිළියෙල කරන ආහාර,තිත්ත හා කහට රසැති ආහාරපාන, මීකිරිවලින් සාදාගන්නා තක්‍ර, ගුගුල්, සහ ශිලාජතු යන ඔෟෂධ වර්ගද ඉක්මණිනින් බර අඩු කරගැනීමට අවශ්‍ය විශේෂ ඔෟෂධ වේ.

  • කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා ඒයට පිරිසුදු කිතුල් පැණි දමා රාත්‍රී අාහාරයට පෙර කන්න.

  • රටඉදිවල අැට ඉවත්කර ඒයට ගිතෙල් පුරවා මී පැණි මිශ්‍රීත භාජනයක බහා තබා, උදේ සවස ගෙඩි හතර බැගින් අාහාරයට ගන්න.

  • නැවුම් ඒළකිරිවලට පිරිසුදු ඒලගිතෙල් ස්වල්පයක් දමා පානය කරන්න.

  • හාතාවාරිය අලවලින් කැද සාදා පානය කරන්න.

  • බිත්තර සුදු මදය ඒළකිරි සමග මිශ්‍ර කර පානය කරන්න.













සිරුරට හානිකර නොවන පරිදි ඉක්මනින් බර අඩු කර ගැනීමට භාවිත කරන විශේෂ ඔෟෂධ කිහිපයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිත කරනව. එහෙත් මේවා මනා සුපරීක්‍ෂණයක් සහිතව භාවිත කළයුතු අතර වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුය.


  • ශුද්ධ ශිලාජතු සමඟ හීන් මිදි මුල් කසාය සමඟ
  • අමෘතාදී ගුගුල් ත්‍රිපලා කසාය සමඟ
  • ආරෝග්‍ය වර්ධන වටී මහා මංෂ්ඨාදී කසාය සමඟ
  •  බෙහෙත් එරඬු කොළ පිලිස්සූ භෂ්ම පෙරුම්කායම් සමඟ
  • පංචකර්ම ප්‍රතිකාරවල සඳහන් ලේඛන වස්ති කර්ම



Comments

Popular posts from this blog

වැල් පෙනෙල

ගම්මැද්දේ ඔසු උයන

කටුවැල් බටු