කෝමාරිකා



සෑම නිවසකම තිබිය යුතු ප්‍රධානතම ඔසුවක් ලෙස කෝමාරිකා හදුන්වා දෙන්න පුලුවන්. සෑම රෝගයකටම වාගේ සුවයක් ලබා දීමට හැකියාවක් මේ තුළ පවතී.
ආයුර්වේද ප්‍රතිකාරවලදී බොහෝ විට කෝමාරිකා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒ වගේම රූපලාවන්‍ය කෙරෙහි උනන්දුවන ඔබටත් කෝමාරිකාවලින් ලැබෙන උපකාර බොහොමයි. ශරීරයේ සෑම කොටසකටම කෝමාරිකා ගැල්වීම සුදුසුයි. කෝමාරිකා කොලයේ මැද ඇති ජෙල් එකක්‌ වැනි මදය තමයි අපි ප්‍රයෝජනයට ගන්නේ.
පිළිස්‌සීම, කැසීම්, සම වියළීම වැනි අවස්‌ථාවලදී කෝමාරිකා මදය ගැල්වීම ආයුර්වේදයේදී සිදුවෙනවා.


සමේ වියළි බව නැති කිරීමට, තෙතමනය ආරක්‌ෂා කිරීමට, අධික තෙල් සහිත සමක තෙල් ස්‌වභාවය නැති කිරීමට, සම පැහැපත් කිරීමට, පැලුන, පලුදු වුන සම යථා තත්ත්වයට පත්කිරීමට කෝමාරිකාවලට හැකියාව තිබෙනවා.


තද අව්වේ යැමෙන් පසුව කෝමාරිකා මදය ආලේප කිරීමෙන් සමෙහි දැවිල්ල, අව්වට පිළිස්‌සුණු ස්‌වභාවය, දාහය නිවී යනවා. බොහෝ දෙනකුට තිබෙන කකුල් පැලෙන ප්‍රශ්නයටත්, කෝමාරිකා හොඳ ඔසුවක්‌. බොහෝ විට සීත පළාත්වලදී ගැටලුවක්‌ වන දෙතොල් පැලීම සුවපත් කර ගන්නටත් කෝමාරිකා ආලේපයෙන් පුළුවනි.





ස්‌ථුල බව අඩු කිරීමේ මහඟු ගුණයක්‌ද කෝමාරිකාවලට තිබෙනවා. සම්භාහනයේදී කෝමාරිකා තෙල් යොදා ගන්නේ ඒ සඳහා යි. එයින් ශරීරයේ මේද තට්‌ටුව අඩු කර ශරීරය සිහින් කරනවා.

මිනිස් සිරුරට අවශ්‍ය ඇමැයිනෝ අම්ල 22න් 20ක්ම කෝමාරිකා ශාකයේ අඩංගු වීම විශේෂත්වයකි. ශරීරයට අවශ්‍ය නමුත් ශරීරය තුළ නිපදවිය නොහැකි ඇමැයිනෝ අම්ල වර්ග 7ක් කෝමාරිකා තුළ අඩංගුය. තවද අධික වශයෙන් ප්‍රෝටීන් බහුල ශාකයන් මෙන්ම පිළිකා නාශකයක් ලෙස ද හඳුනාගෙන තිබේ.
අතීතයේ මිනිසුන් විටමින් ඌනතාව නිසා ඇති වන රාත්‍රී අන්ධභාවයට ඖෂධයක් ලෙස ද කොමාරිකා භාවිතාකොට තිබේ. කෝමාරිකා තුළ විටමින් A, C, D, සහ E හා Folic හා Nicin අම්ල කොපර් මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක් හා යකඩ අඩංගුය. සමහර පිළිකා, රුධිරයේ ප්‍රෝටීන් ඌනතා වැළැක්වීමට මෙය තදිම ඖෂධයක්. අක්ෂි රෝග පෝෂණ ඌනතා, රක්තහීනතාව, දුර්වල ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට ,ආමාශයේ ඇතිවන තුවාල වලට ප්‍රතිකර්මයක් ලෙස, අන්ත්‍රගත තුවාල වලට ප්‍රතිකර්මයත් ලෙස, අර්ශස් අමාරුවට, දියවැඩියාවට, ආර්තව හරණයෙන් ඇතිවන රෝග සඳහා ද ඖෂධයක් ලෙස කෝමාරිකා යොදා යොදා ගනී.
කොමාරිකා සමෙහි අාලේප කිරිමේ දී -  කෝමාරිකා යුෂ මුහුණේ ගාල විනාඩි 20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න. කෝමාරිකා වල ඇති anthraquinone නම් සන්ඝටකය මඟින් සමේ මැරුණු සෛල ඉවත් කර මුහුණ පැහැපත් කරයි.
ප්‍රධාන වශයෙන් වර්තමානයේ දී දියවැඩියාව රෝගය සදහා කෝමාරිකා භාවිතා කරනු ලබනවා. ඒමෙන්ම වර්තමානයේ දී කෝමාරිකා ව්‍යංජනයක් ලෙස අාහාරයට ගැනිම ද දැකගත හැකි වේ.ඔබත් අදම ඔබේ ගෙවත්ත තුළ කෝමාරිකා පැළයක් සිටුවන්න.ඒය ඔබට හදිසි අවස්ථාවන දී විශාල අස්වැසිල්ලක් වනු අැත.



















උපුටා ගැනීම - සිලුමිණ පුවත්පත
                       දිවයින පුවත්පත

Comments

  1. ගොඩක් වටින ලිපියක් මේක..දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  2. godak watina පර්යේෂණයක් ගොඩක් දෙනෙක්ට අද වන විට පැරණි දේශීය ආහාර සහ බෙහෙත් වර්ග පිළිබඳ අමතකව යන කාලයක මෙවැනි පර්යේෂණයක් සිදු කිරීම ඉතාමත්ම වටිනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වැල් පෙනෙල

ගම්මැද්දේ ඔසු උයන

කටුවැල් බටු