ගම්මැද්දේ ඔසු උයන



        කරපිංචා







ආහාර සකස් කිරී‍මේදී අද නැතිවම බැරි ස්වභාවික රස කාරකයකි. කරපිංචා එසේම මෙහි ඉතා ඉහල ඖෂධීය මෙන්ම පෝෂනීය වටිනාකමක් ද ඇත.කරපිංචාවල අඩංගු Flavonoids හා කෙදි නිසා කරපිංචා රුධීරයේ  LDL කොලොස්ටරෝල් පාලනය කරන බව පරීක්ෂණ මගින් සොයා ගෙන ඇත.මෙය කෙදි සහිත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කරනු ඇත. තව ද අවශෝෂනය අඩු කරනු ලබයි. එම නිසා ‍මෙය හෘද රෝගීන් සදහා දිව ඔසුවකි.


පෝෂ්‍ය පදාර්ථ

කරපිංචා පත්‍ර වල විටමින් B වර්ග සහ විටමින් A ඇතුළු විටමින් සහ ඛණිජ ලවණ වර්ග සුළු ප්‍රමාණ වලින් අඩංගු වේ. එමෙන්ම, එය ප්‍රෝටීන්, ඇමිනෝ අම්ල (Amino acids), සහ ඇල්කලොයිඩ (Alkaloids) නැමැති පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ප්‍රභවයකි. නමුත්, ආහාර පිසීමේදී කරපිංචා භාවිතා කරන්නේ සුළු වශයෙන් බැවින්, කරපිංචා මගින් ලැබෙන පෝෂණ ගුණය ස්වල්ප විය හැක.පෝෂ්‍ය පදාර්ථ

කරපිංචා පත්‍ර වල විටමින් B වර්ග සහ විටමින් A ඇතුළු විටමින් සහ ඛණිජ ලවණ වර්ග සුළු ප්‍රමාණ වලින් අඩංගු වේ. එමෙන්ම, එය ප්‍රෝටීන්, ඇමිනෝ අම්ල (Amino acids), සහ ඇල්කලොයිඩ (Alkaloids) නැමැති පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ප්‍රභවයකි. නමුත්, ආහාර පිසීමේදී කරපිංචා භාවිතා කරන්නේ සුළු වශයෙන් බැවින්, කරපිංචා මගින් ලැබෙන පෝෂණ ගුණය ස්වල්ප විය හැක.අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව ඒවා හොදින් සපා කෑමය. මෙවිට එහි ඇති ගුණය,පෝෂණය හා ඖෂධීය වටිනාකම අපට ලැබේ.සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් ඵලදායකය. දිනපතා උදේ පාන්දරම කොළ කැද සාදා කරපිංචා පානය කළහොත් ශරීරයට ඉතා ගුණදායකය.







කරපිංචා යොදාගත හැකි ප්‍රයෝග කිහිපයක්‌



* කරපිංචා සුදුලූනු පානය

කරපිංචා කොළ දෙමිටක්‌ සමග සුදු ලූනු බික්‌ 05 ක්‌ පමණ දමා කොටා නටන වතුරෙන් තම්බා වසා තබා නිවුණාට පසු මී පැණි දමා බීම හොඳයි.

* අර්ශස්‌ මළබද්ධ අවස්‌ථාවට 

අරළු, කරපිංචා නැටි, තිරැස්‌සවාලු, සාරණ මුල්, තිප්පිලි මුල්, දැන්න නිල, එඬරු මුල්, බෙලි මුල් කලං 01 මදටිය 04 බැගින් ගෙන පත අට එකට සිඳුවාගත් කෂාය.

කොලෙස්‌ටරෝල් මට්‌ටම පාලනය කිරීම.
නොමේරූ කරපිංචා කොළ මිටයි, සුදු ලූනු බික්‌ දෙකයි, ගොරක කැබැල්ලක්‌, ලුණු ටිකක්‌ දමා අඹරාගත් ලුණුමිරිස.

* විෂ නැසීමට හා හිසකේ වර්ධනයට, සමේ රෝග වළකා ගැනීම
තනිකර කරපිංචා කොළ කැඳ සුදුසුයි. විෂ නැසීමට යොදාගන්නේ පොල් කිරි නොයෙදූ කරපිංචා කැඳයි.

* උකුණන් වඳ වීමට
කරපිංචා ඇට කොටා හිසට දැමීමෙන් උකුණන් වඳ වේ.

* කුරුලෑවලට කරපිංචා හා අමුකහ යොදා අඹරා ගානු ලැබේ.
මේ ගුණ හා ප්‍රයෝග කිහිපයක්‌ පමණි.කරපිංචා ශරීරයට සෑම අතින්ම ප්‍රයෝජනවත් වන ඖෂධයකි. නිවසේ නැතිවම බැරි රසකාරකයකි.






  • කරපිංචාවල ගුණ කිහිපයක්‌

* කෙඳි ගතිය බහුල නිසා මළබද්ධය වළකයි. වාතානුලෝමනය කරයි.

* විෂ නැසීමේ ගුණය නිසා, ආහාර සැකසීමේදී ප්‍රයෝජනවත් වනවා සේම අජීර්ණ ආදියෙන් වැළකීම එමෙන්ම ෆීනෝල් රසායනිකය අඩංගු වීම නිසා ලියුකේමියාව, පුරස්‌ථි, ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ආදියට එරෙහිව ක්‍රියා කරයි.

* රුධිර සංසරණ පද්ධතියට උපකාරී වේ. 

* කොලෙස්‌ටෙරෝල් (ශරීරයේ අහිතකර මේද මට්‌ටම පාලනය LDL කොලෙස්‌ටෙරෝල් මට්‌ටම කරයි)

* දියවැඩියාව පාලනය කරයි.

* අධිබර පහත හෙළයි.

* කටහඩේ තීව්‍රතාව පවත්වාගැනීමට උදව් කරයි.

* සමේ රෝග තුවාල ආදිය නැති කිරීමට උදව් කරයි.

* අකලට කෙස්‌ සුදු වීම, හිසකෙස්‌ වර්ධනයට ඉවහල් වේ.

* මානසික ආතතිය දුරලීමට උදව් කරයි.

* විෂ නැසීමේ ක්‍රියාව හොඳින් සිදුකරන නිසා සර්ප දෂ්ටයේදී කරපිංචා කැඳ වශයෙන් යොදාගනී.

















                                                                                                                            අන්තර්ජාලය අැසුරින්

Comments

  1. godak watina පර්යේෂණයක් ගොඩක් දෙනෙක්ට අද වන විට පැරණි දේශීය ආහාර සහ බෙහෙත් වර්ග පිළිබඳ අමතකව යන කාලයක මෙවැනි පර්යේෂණයක් සිදු කිරීම ඉතාමත්ම වටිනවා

    ReplyDelete
  2. Ada kale me wage dewal denaganna lebenawa godak adui.godak watinawa meweni deyak idiripath kirima

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වැල් පෙනෙල

ගම්මැද්දේ ඔසු උයන

කටුවැල් බටු