ගම්මැද්දේ ඔසු උයන
කොහොඹ
කොහොඹ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසකි. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ඇස්ඩ්‍රක්ටා ඉන්ඩිකා(Azadirachta indica) වේ. මෙය ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයකි.තවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.කොහොඹ ශාකය, ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් වැවෙන්නේ වියළි කළාපය ආශ්‍රිතවය. යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල බහුලය. ඉඩෝරයට ඔරොත්තු දෙන කොහොඹ ගස් යාපනය, ත්‍රිකුණාමලය මග දෙපස වවා ඇත. මෙහි ඵල(ගෙඩි) සහ බීජ(ඇට) කොහොඹ තෙල් සෑදීම සදහා යොදාගනී.
ඉන්දියාවේ සහ පාකිස්තානයේ මිනිසුන් අවුවේ වේළන ලද කොහොඹ කොළ අල්මාරි හා සහල් අසුරන භාජන සඳහා යොදා ගනිමින් කෘමි උවදුර වළක්වා ගනී. පාකිස්තානයේ උෂ්ණ කලාපයට අයත් ප්‍රදේශයන්හි මදුරුවන් පලවා හැරීම සඳහා කොහොඹ කොළ වියළා පුලුස්සයි. එසේම මෙම කොළ ඉන්දියානු උත්සව සඳහා(උදා: උගාදි උත්සවය) ද යොදාගනු දක්නට ලැබේ. කොහොඹ කොළ තවදුරටත් මුස්ලිම් ජනයාගේ මළ සිරුරු නැහැවීම සඳහා ද භාවිතයට ගනී.
ඉන්දියානු ජනතාව කොහොඹ දලු සහ මල් එළවලුවක් වශයෙන් ආහාරයට ගනී. තමිල්නාඩු ජනයා කොහොඹ මල් වලින් වෙප්පම්පූ චාරු (Veppampoo charu) නම් සූපයක් පිළියෙල කරයි. බටහිර බෙන්ගාලයේ, නොමේරූ කොහොඹ දලු සහ කුඩා වම්බටු කැබලි තෙලෙහි බැද කට ගැස්මක් ලෙස භාවිතයට ගනී.
- කොහොඹ ඔසුවක් ලෙස...
ඉන්දියාවේ මිලියන 2 කට අධික ප්‍රමාණයක්, කොහොඹ ශාකය ආශ්‍රයෙන් සදන නිෂ්පාදිත වල ලෙඩ සුව කරන ගුණයක් ඇති බව සලකා භාවිතයට ගනී. ආයුර්වේදයේ නියතු වුවන් කොහොඹ නිෂ්පාදිත ප්‍රතිහෙල්මින්තික, ප්‍රතිබැක්ටීරිය, වයිරස් නසන, උපත් පාලක සහ වේදනා නාශකයක් ලෙස විශ්වාස කරයි. මෙය ආයුර්වේදයේ හා යුනානි වෙදකමෙහි ප්‍රධාන සංරචකයක් වේ. එහිදී කොහොඹ විශේෂයෙන් සමේ රෝග සඳහා නිර්දේශ කොට ඇත. එසේම කොහොඹ තෙල් හිසකෙස් නිරොගී කර ගැනීමටත්, අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමටත්, ලේ වල සීනි මට්ටම පාලනය කර ගැනීමටත් භාවිතා කරයි. කොහොඹ කොළ සමේ රෝග(උදා:දද, සෝරෙෙසියසිස්) සත්කාරකයක් ලෙස යොදාගනී.
- කෘමී හා විෂබීජ නාශකයක් ලෙස....
කොහොඹ රසායනික පළිබෝධ නාශක වෙනුවට භාවිත කළ හැකි ස්වාභාවික පළිබෝධ නාශකයකි. කුඩු කරගත් කොහොඹ ඇට රැය පුරා පෙගෙන්නට හැර බෝග වලට ඉසිනු ලැබේ. මෙහි ඵලදායී කර ගැනීම සඳහා දවස් 10කට වරක්වත් දිගින් දිගටම යෙදිය යුතුය. කොහොඹ බෝග වල සිටින කෘමීන් එකවර විනාශ නොකරයි. එය කෘමී වර්ධනය හීන කිරීමත් බිත්තර දැමීම පාලනය කිරීමත් මගින් බෝග හානිය වලක්වයි. කෘමීන් ආහාර නොමැති වීමෙන් කිහිප දිනකින් විනාශ වේ. කොහොඹ පොහොර ලෙස විකුණයි.
කොහොඹ තෙල් වේයන් වර්ධනය වලක්වමින් පරිසර හිතකාමියෙකු ලෙස කටයුතු කරයි.
අනෙකුත් ප්‍රයෝජන
- පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: කොහොඹ තෙල් යොදා ගනිමින් රූපලාවන්‍ය ද්‍රව්‍ය උදා: ලෙස සබන්, හිස සෝදන ද්‍රව්‍ය(shampoo), බාම් වර්ග, ආලේපන(creams) දත් බෙහෙත් ආදිය නිපදවයි.
- දත්බුරුසුවක් ලෙස: අතීතයේ, සිහින් කොහොඹ රිකිලි සපා දත්බුරුසුවක් හා දිව ශෝධකයක් ලෙස භාවිත කරන ලදී.
- ගස:පාරම්පරික ඉන්දියානු වෛද්‍ය විද්‍යාවේ භාවිතයන්ට අමතරව,කොහොඹ ශාකය කාන්තාරකරණය වැලැක්වීමේ උදාර මෙහෙය ඉටු කරයි.
- පාරම්පරික ඉන්දියානු වෛද්‍යවරු රෝගින් හට සරම්ප වැනි රොග වැලදුනු විට කොහොඹ කොල මත වැතිරීම සුවදායී බව නිර්දේශ කරයි.
- කොහොඹ මැලියම්විශේෂ ආහාර සැකසීම සඳහා එකතු කරයි.
- රූපලාවන්‍ය ද්‍රව්‍ය : කුඩු කරන ලද කොහොඹ දලු මුහුණු ආලේප නිපදවීමට යොදා ගනී.
- ලිහිසි තෙල් : කොහොඹ තෙල් කරත්තය රෝද ග්‍රීස් කිරීම සදහා යොදාගනී.
- පොහොර ලෙස : කොහොඹ ඉතා හොඳ පොහොරකි.කොහොඹ පිඬැලි බෝග පල දරන්ට බහුලව යොදාගනී. උක්ගස් සහ එළවලු මෙවා බහුලව යොදා නිපදවන බෝග වේ.
- පොත්ත : කොහොඹ පොත්තෙහි 14% ටැනින් (තද කහට වර්ගයක්) අඩංගු වේ. තවදුරටත්, එය ශක්තිමත්, ගොරෝසු කෙඳි ලබා දෙයි. මෙම කෙඳි ආශ්‍රයෙන් ඉන්දියානු ජනයා කඹ සාදාගනී.
- මී පැණි :ආසියාවේ සමහර ප්‍රදේශ වල කොහොඹ මී පැණි ඉහළ මිලකට හිමිකම් කියයි.
පැහැපත් රැවක් සදහා කොහොඹ භාවිතා කරන අයුරැ....
කොහොඹ සමේ ආසාධන සහ කුෂ්ට සදහා
ඔබට තියෙන්නේ සංවේදී සමක් නම් අසාධන සැදීමට ඇති සම්භාවිත්ව වැඩි. කොහොඹ වතුරින් මෙවැනි ආසාධන දවසින් නැති කර ගන්න පුළුවන් බව දන්නවද?
පිරිසිදු වතුර කෝප්ප 2 කට කොහොඹ කොළ 15-20 ක් එකතුකර උතුරවන්න. වතුර භාගයක් ඉතුරු වන තෙක් හින්දන්න. කොළ ටික ඉවත් කර ඉතුරුවන වතුරින් මුහුණ සෝදන්න. 3-4 සැරයක් කිරීමෙන් හොද ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.
කොහොඹ කුරුලෑ වලට
කොහොඹ වල ඇති ප්‍රති බැක්ටීරියා කාරක ප්‍රති ක්ෂුද්‍රවි සහ ප්‍රති දිලිර ගුණ මගින් විෂ නසා කුරුලෑ සම්බන්ධ ඉඩමුම්ද අඩු කරයි.
කොහොඹ කොළ 15-20 ක් වතුර ටිකක විනාඩි 2-3 ක් උණු කර එම කොළ අබරා පල්පයක් සද ගන්න. මෙය කෙලින්ම කුරුලෑ වලට ආලේප කර වේලෙන්නට හරින්න.
කොහොඹ පැහැපත් සමකට
මුහුණ අදුරු පැහැ නම් කොහොඹ ප්‍රතිකාරය මගින් සම පැහැපත් කර ගන්න පුළුවන්.
කොහිඹ කොළ 10-20 කින් පල්පයක් හදා ගන්න. එයට කහ හැන්දක්ද එකතුකර කරන්න. මතක තිය ගන්න කහ කුඩු නෙමෙයි එකතු කරන්න ඕනි. කහ කැබැල්ලක් ගෙන එය වතුර සමග එකතුකර පල්පයක් ලෙස සද ගෙන තමයි එකතු කරන්න ඕනි. මෙම මිශ්‍රණය මුහුණේ ගලවා විනාඩි 20 කින් සෝදා හරින්න. දිනපතා සති 2ක් කිරීමෙන් වෙනස දැක ගන්න පුළුවන්.
කොහොඹ වියලි සමට
කොහොඹ වැඩිපුර වැහෙන තෙල් අඩු කරනවා වගේම වියලි සමටද ප්‍රතිකාර කිරීමට සමත්ය.
කොහොඹ කොළ 10-12 කින් පල්පයක් සදා එයට මිදී ඇට තෙල් (ටර්චැිැැා දසක) බින්දු 3-4 ක් එකතු කරන්න. මුහුණේ ආලේප කර විනාඩි 20කින් සෝදා හරින්න.
කොහොඹ බ්ලැක් හෙඩ් වලට
බ්ලැක් හෙඩ් කරදරයෙන් පීඩා විදිනවනම් කොහොඹ තෙල් බින්දු 2-3 ක් වතුර බින්දු 2-3 සමග එකතු කර කළු ලප ති ඇති තැන වල ගලවන්න. විනාඩි 10ක් සිට සෝදා හරින්න. මෙමගින් කළු ලප තිවිම අඩු කරන අතර දිගටම පාවිච්චි කිරීමෙන් අලුතින් ඇතිවීම නැති කරයි.
විශේෂ
කෙසේ වුවද කොහොඹ ශාකයෙන් ගත හැකි ප්‍රයෝජන පිළිබඳ සෙවීම් ඉතාමත් අඩු බව දක්නට ලැබේ.කොහොඹ දිගුකාලීනව භාවිතය වකුගඩු සහ අක්මාවට හානි පැමිණවිය හැකි බැවින් තරුණ ජනතාවට මෙය කෙටිකාලීනව භාවිත කල හැක. කොහොඹ තෙල් විෂවීම් නිසා කුඩා දරුවන් මරණයට පත්වීම් සිදුවිය හැක. කොහොඹ ගබ්සා වීම්, මදසරු භාවය හා ලේ වල සීනි ප්‍රමාණය අඩු වීමට හේතු විය හැක.කොහොඹ තෙල් විශාල වශයෙන් භාවිත කිරීම හේතුවෙන් මොළයේ ආබාධ සහ අක්ෂිගත ආබාධ ඇතිවිය
අන්තර්ජාලය අැසුරින්
Super
ReplyDeleteSuperb
ReplyDeletegodak watinawa..keep it up..
ReplyDeleteHarrah's Atlantic City - MapyRO
ReplyDeleteHarrah's Atlantic City in New Jersey, Atlantic City. Hotel, 서산 출장샵 Casino and Spa 오산 출장마사지 Map. The Hotel is located in the 동두천 출장안마 marina 아산 출장샵 district, directly 진주 출장샵 on