Posts

Showing posts from January, 2018

ගම්මැද්දේ ඔසු උයන

Image
ස්ථුල බවට තිත..... ස්ථුල භාවයට හේතු යම් පුද්ගලයෙක්ගේ ස්ථූල බව පරම්පරාගතව ඒන ස්ථූල බවක් වෙන්න පුලුවන්.  ඒමෙන්ම වෙනත් කායික රෝග නිසාත් ස්ථූල බව අැති වෙන්න පුලුවන්.  සමහර රෝග සඳහා නිර්දේශිත යම් යම් ඔෟෂධ වර්ග නිසාත් යමෙකුගේ ශරීර බර වැඩිවෙන්න පුළුවන්.  නමුත් ප්‍රධානතම හේතුව, අධික කැලරි ප්‍රමාණයක් දෛනිකව ශරීරයට ලැබෙන තෙල් බහුල විවිධ ආහාර වර්ගත් පරිභෝජනය කිරීම  ව්‍යායාමවලින් තොරව අක්‍රියශීලී දිවි පෙවෙතක් ගත කිරීම. ස්ථූල බව ලෙඩ ගොඩකට හේතුවක්.... අධික තරබාරු බව බොහෝ රෝග ගණනාවකටම හේතුකාරකයකි. දියවැඩියාව, හෘද රෝග, සන්ධි රෝග ආඝාතය අධි රුධිර පීඩනය වැනි බරපතළ රෝග ගණනාවක් ඇතිවීමේ අනාගත අවදානමක් ස්ථුල පුද්ගලයන්ට ඇතිවේ. එපමණක් නොවේ ස්ථුල බව අකල් මරණයටද හේතුවෙන්න පුළුවන්. දෛනික කටයුතුවලට ස්ථුල බව බාධාවක් වෙනවා පමණක් නොව කාන්තාවන්ගේ මඳ සරු බවට කෙරෙහිද, ඔසප් දෝෂ කෙරෙහිද එය හේතුවක් වෙන්න ඉඩ තිබෙනවා. ආයුර්වේදයට අනුව ස්ථුල බව යමෙකුගේ ලිංගික ශක්‍යතාව කෙරෙහිද බලපාන බව දැක්වේ.  ඒ වගේම ශරීර අවයව, විශේ...

ගම්මැද්දේ ඔසු උයන

Image
අකලට මහලු වීම වළක්වන,තරණ බව රැකදෙන  අමුක්කරා..... withania somnifera(L) Gunal / physilis somnifera L. යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එසේම කන්ඨකාරී(SOLANASEAE) කුලයට අයත් වන මෙම ශාකය අස්ගොඳු යන සිංහල නාමයෙන්ද හඳුන්වයි. Indian ginseng, poison gooseberry, winter cherry යන ඉංග්‍රිසි නාමයන්ගෙන්ද හඳුන්වන මෙම ශාකය ද්‍රවිඩ භාෂාවෙන් හඳුන්වන්නේ පිල්ලි අංගා, අමුක්කීරම්, අමුතුලංගා, අමුක්කරා යන නම් වලිනි. අශ්වගන්ධා යන නම පැමිණ තිබෙන්නේ මෙම ශ‍ාකයේ අල නැතිනම් අමු මුල් පොඩි කල විට අශ්ව මුත්‍රා වල ගන්ධයට සමාන ගන්ධයක් ඇති කරනා නිසාවෙන් යැයි අදහසක් ඇත. සකු බසින් එම නාමයට අමතරව පර්යාය නාම රාශියක් අශ්වගන්ධා ගෘකය හැඳින්වීමට යොදා ගෙන ඇත. ඒ අතරින් සෘක්ෂගන්ධා, තුලාංහණ, වර්ගකාරී, ප්‍රියකාරී, ශ්‍යාමලා, අවරෝහිකා වාතඝනී, බලජා වාජිනී, අශ්වාරෝහිකා, තුරඟගන්ධා, කුෂ්ඨගන්ධ, වර්ගාත්‍රකරී, කුෂ්ඨගන්ධිනී, ගන්ධපත්‍රී,පාලපර්ණි, අශ්නක්ධිකා, අශ්වාරෝහ, අශ්වකන්ධිකා, බල්‍යා, තුරඟී, වරාහකර්ණ, වාරිගන්ධා වැනි පර්යාය නාම වැඩිපුර භාවිතා වේ. වියලි දේශගුණික කලාප වල බහුලව සහ පහසුවෙන් වැවෙනා මෙම ශාකය ශ්‍රී...

ගම්මැද්දේ ඔසු උයන

Image
                        කොහොඹ කොහොඹ  ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසකි. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ඇස්ඩ්‍රක්ටා ඉන්ඩිකා(Azadirachta indica) වේ. මෙය ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයකි.තවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.කොහොඹ ශාකය, ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් වැවෙන්නේ වියළි කළාපය ආශ්‍රිතවය. යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල බහුලය. ඉඩෝරයට ඔරොත්තු දෙන කොහොඹ ගස් යාපනය, ත්‍රිකුණාමලය මග දෙපස වවා ඇත. මෙහි ඵල(ගෙඩි) සහ බීජ(ඇට) කොහොඹ තෙල් සෑදීම සදහා යොදාගනී. ඉන්දියාවේ සහ පාකිස්තානයේ මිනිසුන් අවුවේ වේළන ලද කොහොඹ කොළ අල්මාරි හා සහල් අසුරන භාජන සඳහා යොදා ගනිමින් කෘමි උවදුර වළක්වා ගනී. පාකිස්තානයේ උෂ්ණ කලාපයට අයත් ප්‍රදේශයන්හි මදුරුවන් පලවා හැරීම සඳහා කොහොඹ කොළ වියළා පුලුස්සයි. එසේම මෙම කොළ ඉන්දියානු උත්සව සඳහා(උදා: උගාදි උත්සවය) ද යොදාගනු දක්නට ලැබේ. කොහොඹ කොළ තවදුරටත් මුස්ලිම් ජ...

ගම්මැද්දේ ඔසු උයන

Image
        කරපිංචා ආහාර සකස් කිරී‍මේදී අද නැතිවම බැරි ස්වභාවික රස කාරකයකි. කරපිංචා එසේම මෙහි ඉතා ඉහල ඖෂධීය මෙන්ම පෝෂනීය වටිනාකමක් ද ඇත. කරපිං චාවල අඩංගු  Flavonoids  හා කෙදි නිසා කරපිංචා රුධීරයේ   LDL  කොලොස්ටරෝල් පාලනය කරන බව පරීක්ෂණ මගින් සොයා ගෙන ඇත.මෙය කෙදි සහිත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කරනු ඇත. තව ද අවශෝෂනය අඩු කරනු ලබයි. එම නිසා ‍මෙය හෘද රෝගීන් සදහා දිව ඔසුවකි. පෝෂ්‍ය පදාර්ථ කරපිංචා පත්‍ර වල විටමින් B වර්ග සහ විටමින් A ඇතුළු විටමින් සහ ඛණිජ ලවණ වර්ග සුළු ප්‍රමාණ වලින් අඩංගු වේ. එමෙන්ම, එය ප්‍රෝටීන්, ඇමිනෝ අම්ල (Amino acids), සහ ඇල්කලොයිඩ (Alkaloids) නැමැති පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ප්‍රභවයකි. නමුත්, ආහාර පිසීමේදී කරපිංචා භාවිතා කරන්නේ සුළු වශයෙන් බැවින්, කරපිංචා මගින් ලැබෙන පෝෂණ ගුණය ස්වල්ප විය හැක.පෝෂ්‍ය පදාර්ථ කරපිංචා පත්‍ර වල විටමින් B වර්ග සහ විටමින් A ඇතුළු විටමින් සහ ඛණිජ ලවණ වර්ග සුළු ප්‍රමාණ වලින් අඩංගු වේ. එමෙන්ම, එය ප්‍රෝටීන්, ඇමිනෝ අම්ල (Amino acids), සහ ඇල්කලොයිඩ (Alkaloids) නැමැති පෝෂ්‍ය ප...

ගම්මැද්දේ ඔසු උයන

Image
     අක්කපාන පොදු සිංහල නාමය – අක්කපාන, වල්ගෝවා දෙමළ නාමය – මලකුල්ලි, මල්ලක් කල්ලි හිංදි නාමය – පථරචුර, පබානහෙද, පථර්චට, හිමසාගර බෙංගාලි නාමය – පාථරකුංඩි තෙලිගු නාමය – සිමාජාමුල සංස්කෘත නාමය – අශ්මහිද මූත්‍රා ගල් ඇති වීම අද වන විට අපේ රටේ සුලභ රෝගී තත්ත්වයක් වෙලා . ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ ජාතික රෝහල් වල  ශල්‍ය වාට්ටු වලට කෙරෙන හදිසි ඇතුලත්වීම් වලින් 30% පමණ ප්‍රමාණයකට වගකිව යුතු වන්නේ මෙම මුත්‍රා ගල් ඇති වීමේ රෝගී තත්වය බව.ඒ් සදහා කදිම ඔසුවකි අක්කපාන.  අක්කපාන කියන්නේ ලංකාවේ පහතරට හා පහත රට කදුකර ප්‍රදේශවල ගල් සහිත ස්ථානයන් හි බහුලව වැවෙන ශාකයක් සාමන්‍යයෙන් සෑම නිර්වර්ථන ප්‍රදේශයකම මේම පැලෑටිය තියෙනවා. තෙතමනය හොදින් තියෙන තැන්වල තමයි ගොඩාක්ම පහසුවෙන් වැවෙන්නේ. මේම ශාකය ලංකාවට ගෙන එන ලද්දේ අප්‍රිකාව කිර්වර්ථන ප්‍රදේශවලින් කියලා තමයි ශාක පිලිබද පරික්ෂණ කරන අය අනුමාන කරන්නේ. මේය බහුවාර්ෂික පැලෑටියක් ශාකයේ පත්‍ර සරල වන අතර මල් ද්විලිංගිකයි. වැඩුණු ශාකයක් සාමාන්‍යයෙන් අඩි එකා හමාරක් දෙකක් පමණ උස යයි. මදක් තිත්ත හා ඇඹුල් රසයෙන් ...

කෝමාරිකා

Image
සෑම නිවසකම තිබිය යුතු ප්‍රධානතම ඔසුවක් ලෙස කෝමාරිකා හදුන්වා දෙන්න පුලුවන්. සෑම රෝගයකටම වාගේ සුවයක් ලබා දීමට හැකියාවක් මේ තුළ පවතී. ආයුර්වේද ප්‍රතිකාරවලදී බොහෝ විට කෝමාරිකා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒ වගේම රූපලාවන්‍ය කෙරෙහි උනන්දුවන ඔබටත් කෝමාරිකාවලින් ලැබෙන උපකාර බොහොමයි. ශරීරයේ සෑම කොටසකටම කෝමාරිකා ගැල්වීම සුදුසුයි. කෝමාරිකා කොලයේ මැද ඇති ජෙල් එකක්‌ වැනි මදය තමයි අපි ප්‍රයෝජනයට ගන්නේ. පිළිස්‌සීම, කැසීම්, සම වියළීම වැනි අවස්‌ථාවලදී කෝමාරිකා මදය ගැල්වීම ආයුර්වේදයේදී සිදුවෙනවා. සමේ වියළි බව නැති කිරීමට, තෙතමනය ආරක්‌ෂා කිරීමට, අධික තෙල් සහිත සමක තෙල් ස්‌වභාවය නැති කිරීමට, සම පැහැපත් කිරීමට, පැලුන, පලුදු වුන සම යථා තත්ත්වයට පත්කිරීමට කෝමාරිකාවලට හැකියාව තිබෙනවා. තද අව්වේ යැමෙන් පසුව කෝමාරිකා මදය ආලේප කිරීමෙන් සමෙහි දැවිල්ල, අව්වට පිළිස්‌සුණු ස්‌වභාවය, දාහය නිවී යනවා. බොහෝ දෙනකුට තිබෙන කකුල් පැලෙන ප්‍රශ්නයටත්, කෝමාරිකා හොඳ ඔසුවක්‌. බොහෝ විට සීත පළාත්වලදී ගැටලුවක්‌ වන දෙතොල් පැලීම සුවපත් කර ගන්නටත් කෝමාරිකා ආලේපයෙන් පුළුවනි. ස්‌ථුල බව අඩු කිරීමේ මහඟු ගුණ...